කොංගෝවෙ ඉබෝලා ව්‍යාප්තිය දැඩි වෙයි ආසාදිතයන් 3,300 ඉක්මවයි

0
5

කොංගෝ ජනරජය තුළ ඉබෝලා වෛරස් ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව එරට රජයේ නිල දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට එරටින් වාර්තා වී ඇති සමස්ත ඉබෝලා ආසාදිතයන් සංඛ්‍යාව 3,360 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආසාදනය වීමෙන් පුද්ගල මරණ 1,487ක් සිදුව තිබේ.

වත්මන් තත්ත්වය 2018-2020 කාලසීමාව තුළ පැතිර ගිය ඉබෝලා වසංගතයට සමාන වෙමින් පවතින බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) දත්තවලට අනුව, එම වකවානුවේදී උගන්ඩාවෙන් ඉබෝලා ආසාදිතයින් 3,400ක් හඳුනාගත් අතර මරණ 2,200ක් වාර්තා විය.

කෙසේ වෙතත්, ඉතිහාසයේ දරුණුතම ඉබෝලා වසංගත තත්ත්වය ලෙස සැලකෙන්නේ 2014-2016 වසරවල බටහිර අප්‍රිකාවෙන් වාර්තා වූ තත්ත්වයයි. එම බිහිසුණු වසංගත සමයේදී සමස්ත රෝගීන් 28,000කට අධික පිරිසක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 11,000 සීමාව ඉක්මවා ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here