දිස්ත්‍රික්ක සහ පළාත් කිහිපයකට තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
4

දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම යන පළාත් සඳහාත්, රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහාත් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම තත්ත්වය මත ඉහත සඳහන් කළ පළාත් සහ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර වේගයකින් හමන තද සුළං ඇති විය හැකි බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here