අමෙරිකා සහ සෞදි ප්‍රහාරවලින් ඉරාකයේ 10ක් මරුට

0
7

ඉරාකයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කඳවුරු ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ප්‍රංශ පුවත් සේවය (AFP) වෙත අදහස් දක්වමින් අදාළ සන්නද්ධ බලකායේ ප්‍රකාශකයින් ද මේ බව තහවුරු කර තිබේ.

මෙම ඒකාබද්ධ ගුවන් ප්‍රහාර ඉරාකයේ ප්‍රාන්ත කිහිපයකටම එල්ල වී ඇති අතර, ඉන් දැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ‘නිනවෙහ්’ (Nineveh) ප්‍රාන්තයටයි. වාර්තා වන පරිදි ප්‍රහාරවලින් මියගිය පිරිසෙන් බහුතරයක් මෙම ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසන පරිදි, මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ පසුගිය දිනවල සිදු වූ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. එහිදී ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් ඇමෙරිකානු හමුදා කඳවුරු සහ සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබූ අතර, ඊට පිළිතුරු වශයෙන් මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here