මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838ක් දක්වා ඉහළට

0
3

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව ඊයේ (27) වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 83,000 සීමාවට ළංවෙමින් පවතී. ඉන් රෝගීන් 27,464ක්ම වාර්තා වී ඇත්තේ ජූලි මාසය තුළදීය.

දැනට වැඩිම රෝගීන් ප්‍රතිශතය වන 21.25%ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,457ක් සහ මහනුවරින් රෝගීන් 5,685ක් ලෙස ඉතිරි රෝගීන් වාර්තා වී තිබේ.

මේ වන විට දිවයිනෙන් ඩෙංගු මරණ 61ක් වාර්තා වී ඇති අතර එය සමස්ත රෝගීන්ගෙන් 0.07%ක ප්‍රතිශතයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here