ඉරානය සමග මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින බව ට්‍රම්ප් කියයි

0
4

ඉරානය සමඟ ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, පවතින යුදමය තත්ත්වය අවසන් කිරීම සඳහා සුබවාදී අවස්ථාවක් උදාවී ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

පසුගිය සිකුරාදා ඉරානයට එරෙහි ප්‍රහාර නතර කිරීමට අමෙරිකාව ගත් තීරණයත් සමඟ ඉරානය ද සිය ප්‍රහාර නතර කර ඇති අතර, ඒ අනුව ඊයේ (27) වන විට අඛණ්ඩව තෙවන දිනටත් දෙරට අතර කිසිදු යුධ ගැටුමක් වාර්තා වී නැත.

කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරානය අවධාරණය කරන්නේ තමන් අමෙරිකාව සමඟ මෙතෙක් කිසිදු සෘජු සාකච්ඡාවකට මැදිහත් වී නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here