අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

0
3
A woman uses an umbrella as she walks during a heavy downpour in Colombo on May 26, 2017. The Sri Lankan capital has been lashed by heavy rains causing major traffic jams throughout the city. / AFP PHOTO / Ishara S. KODIKARA

අද (ජූලි 28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පැවතියද, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here