කැස්පියන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉරාන වාණිජ නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක් නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසයි.
මෙම ප්‍රහාරය යුක්‍රේනය විසින් එල්ල කරන ලද්දක් බවට ඉරානය සෘජුවම චෝදනා කරන අතර, සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ටෙහෙරාන් අගනුවර සිටින යුක්‍රේන තානාපතිවරයාව ඉරාන විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා ඇති බවද එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටී.
මේ අතර, රුසියාව විසින් මැදපෙරදිග කලාපයෙන් ලබාගන්නා චන්ද්‍රිකා නිරීක්ෂණ දත්ත ඉරානය වෙත ලබාදෙන බව තම රටට නිරීක්ෂණය වී ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම, රුසියාවේ සිට ඉරානය බලා ආයුධ ප්‍රවාහනය කරනු ලබන රුසියානු නෞකාවලට ඉලක්ක කර ගනිමින් කැස්පියන් මුහුදේදී තමන් ප්‍රහාර එල්ල කළ බව යුක්‍රේන බලධාරීන් මේ වන විට පිළිගෙන ඇත.

