බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ට්‍රම්ප්ට එරෙහි වෙන්න බ්‍රිතාන්‍ය නව අගමැති සැරසෙයි

0
7

බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාව සහ අයිතිවාසිකම් රැකගැනීම උදෙසා, අවශ්‍ය වුවහොත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණවලට එරෙහිව ප්‍රසිද්ධියේ නැගී සිටීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්නම් (Andy Burnham) පවසයි. ධුරයට පත්වීමෙන් පසු බීබීසී නාලිකාව සමඟ පැවැත්වූ ඔහුගේ පළමු ප්‍රධාන රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වූ පළමු දුරකථන සංවාදය ඉතා සුහදශීලී එකක් වූ බව මෙහිදී මතක් කළ අගමැතිවරයා, කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්නේද යන්න පිළිබඳව සෘජු පිළිතුරක් දීමෙන් වැළකී සිටි අතර, වේගයෙන් වෙනස් වන ලෝකය තුළ පවතින තත්ත්වයන්ට අනුව තීරණ ගැනීමට සිදුවන බව ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යයට නිවැරදි යැයි හැඟෙන ඕනෑම අවස්ථාවක ට්‍රම්ප්ගේ මතයට වඩා වෙනස් මතයක් දැරීමට සහ එය ප්‍රකාශ කිරීමට තමා පසුබට නොවන බව පැවසූ බර්න්හැම්, ඕනෑම නායකයෙකු මුලින්ම තම රටේ ජාතික අභිලාෂයන් ආරක්ෂා කළ යුතු බවත්, මෙම ධුරය නිසි ලෙස ඉටු කිරීමට නම් එය අත්‍යවශ්‍ය කරුණක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂයෙන්ම ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානය සමඟ ඇති කරගෙන තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව තමා තුළ දැඩි කනස්සල්ලක් පවතින බවත්, ඒ පිළිබඳව තම අදහස් සෘජුවම ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here