ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

0
4

එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති යුදමය ආතතිය සමනය වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහත වැටීමක් වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව සමස්තයක් ලෙස ලෝක බොරතෙල් මිල ගණන් 5%ක පමණ අගයකින් පහළ ගොස් ඇති අතර, ප්‍රධාන පෙළේ තෙල් වර්ග රැසක මිල ගණන් මේ යටතේ සංශෝධනය වී ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 5.21%ක ප්‍රතිශතයකින් පහළ බැස ඇති අතර එහි නව මිල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 84.66ක් ලෙසය. මීට අමතරව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 4.92%කින් අඩුවී ඇති අතර, එහි වත්මන් මිල අමෙරිකානු ඩොලර් 92.02ක් දක්වා පහත වැටී තිබේ.

මෙම මිල අඩුවීමට සාපේක්ෂව ඉහළම අගයකින් මිල පහත වැටී ඇත්තේ මර්බන් වර්ගයේ බොරතෙල් මිල වන අතර, එය 9.44%ක කැපී පෙනෙන අඩුවීමක් පෙන්වමින් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.05ක් ලෙස සටහන් වී ඇත.වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව සමස්තයක් ලෙස ලෝක බොරතෙල් මිල ගණන් 5%ක පමණ අගයකින් පහළ ගොස් ඇති අතර, ප්‍රධාන පෙළේ තෙල් වර්ග රැසක මිල ගණන් මේ යටතේ සංශෝධනය වී ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 5.21%ක ප්‍රතිශතයකින් පහළ බැස ඇති අතර එහි නව මිල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 84.66ක් ලෙසය. මීට අමතරව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 4.92%කින් අඩුවී ඇති අතර, එහි වත්මන් මිල අමෙරිකානු ඩොලර් 92.02ක් දක්වා පහත වැටී තිබේ.

මෙම මිල අඩුවීමට සාපේක්ෂව ඉහළම අගයකින් මිල පහත වැටී ඇත්තේ මර්බන් වර්ගයේ බොරතෙල් මිල වන අතර, එය 9.44%ක කැපී පෙනෙන අඩුවීමක් පෙන්වමින් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.05ක් ලෙස සටහන් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here