ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම නතුරෙන් නෙරපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ ලිංගික අපචාර චෝදනා එල්ලවීම හේතුවෙනි.
ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවට පක්ෂව ඡන්ද 82ක් ලැබී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
අපරාධ අධිකරණයේ කනිෂ්ඨ සේවිකාව සමඟ නුසුදුසු ලිංගික සබඳතාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරීම් ඛාන් පසුගිය මාසයේදී වැඩතහනමකට ලක් වූ බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ අධිකරණයේ අධීක්ෂණ මණ්ඩලය ජූනි මාසයේදී අනාවරණ කර සිටියේ, ඔහු අදාළ සේවිකාව ඉදිරිපත් කළ පැමිණිල්ල ඉදිරියට ගෙනායාම වැළැක්වීමට උත්සාහ කරමින් බරපතළ ලෙස රාජකාරි පැහැර හැරීමක් සහ බරපතළ චරිත දූෂණයක් සිදු කර ඇති බවය.
කෙසේවෙතත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා තමාට එල්ල වූ සියලු චෝදනා යළි යළිත් ප්‍රතික්ෂේප කර ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

