සීමා නිර්ණය කොමිසමේ නව සභාපතිවරයා ලෙස එම්. කේ. සමන් ශ්‍රී රත්නායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලදී.
එම්. බී. රෝහණ පුෂ්පකුමාර සහ කේ. තවලිංගම් යන මහත්වරුන් කොමිසමේ අනෙකුත් සාමාජිකයින් ලෙස පත් කර ඇත.
අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන්ට පිළිගන්වන ලදී.
සීමා නිර්ණය කොමිසමේ සාමාජිකයින්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම පත්වීම් ලබා දී ඇත.

