වීරවිලදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී 19කට තුවාලයි

0
3

මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබේ. තිස්සමහාරාමයේ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස යතුරුපැදියේ ගැටී ඇති අතර, අනතුරින් පසු පාලනය කරගත නොහැකි වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක වැදී නතර වී ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයන් 11 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි. තුවාලකරුවන් වහාම දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඔවුන් අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත මාරු කර යවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here