කුසල් මෙන්ඩිස්ට LPL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයි

0
10

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වන කලම්බු කැප්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් හදිසි ශාරීරික ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ. ඔහුගේ පාදයේ පසුපස මාංශ පේශියක ඇති වූ මෙම ආබාධය හේතුවෙන්, මෙවර තරගාවලියේ ඉදිරියට පැවැත්වීමට නියමිත කිසිදු තරගයක් සඳහා සහභාගි වීමට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැත.

කණ්ඩායමේ පෙරමුණ ගත් පිතිකරුවෙකු මෙන්ම නායකයා ද වන කුසල් මෙන්ඩිස් මෙලෙස තරගාවලියෙන් ඉවත් වීම, ශූරතාවය බලාපොරොත්තුවෙන් සිටින කලම්බු කැප්ස් කණ්ඩායමේ ඉදිරි ගමනට මෙන්ම ඔවුන්ගේ ඉදිරි තරග වලට ද එල්ල වූ දැඩි බලපෑමක් සහ විශාල පාඩුවක් වනු නොඅනුමානය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here