2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අධිකරණය විසින් මීට පෙර නිකුත් කර තිබූ නොතීසියකට අනුව ඔහු එදින අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී තමන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා පත්‍රයට තමන් නිවැරදිකරු බව හිටපු නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමට නියෝග කළ අතර, අදාළ නඩු විභාගය ලබන දෙසැම්බර් මස 09 වනදා නැවත කැඳවීමට දින නියම කළේය.

