හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බවට දැනට තිබෙන සාක්ෂි අනුව පොලිසිය සැක කරයි.
අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයාය.
පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.
ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25 වන දින එම තනතුරේ ස්ථිර කරන ලද අතර, 2023 නොවැම්බර් 25 වන දින විශ්‍රාම යන තෙක් පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.

