අද (17) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක.
මීට අමතරව උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් තද සුළං හැමීමේ හැකියාවක් පවතී.
කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි.

