මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කිරීමට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා පවසයි.
පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රැසක් එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා ඇත.
නමුත් තවමත් කාන්තා රැඳවියන් විරෝධතාවයේ නිරත වී සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර තවත් පුද්ගලයින් 58 දෙනෙකු මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පසුගිය 05 වන දින මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණි.
එහිදී දෙපාර්ශ්වයේ ම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් 2දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.
ඊයේ (06) පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් හටගත් අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සහ කිරීමත් සමඟ රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී තිබුණි.
එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර ඉන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 17දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වුණි.
මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබද කොළඹ අපරාධ කොට්ඨාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

