දිවයින පුරා ශීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් වසරේ ගතවූ මාස කිහිපය ඇතුළත මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. තත්ත්වය වඩාත් බරපතළ කරමින් ගත වූ පැය 24ක කෙටි කාලය තුළ පමණක් අලුතින් රෝගීන් 2,604 දෙනෙකු වාර්තා වී තිබේ. පවතින මෙම දැඩි වසංගත අවදානම සැලකිල්ලට ගනිමින් දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 142ක් “ඩෙංගු අධි අවදානම් කලාප” ලෙස නම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම සමස්ත රෝගීන් සංඛ්‍යාව දෙස බැලීමේදී ඉහළම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, සමස්ත රෝගීන්ගෙන් සියයට 52.50ක ප්‍රතිශතයක් එනම් රෝගීන් 32,054ක්ම වාර්තා වන්නේ එම පළාතිනි. ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 9,674ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,237ක් ලෙස ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මධ්‍යම පළාතෙන් රෝගීන් 4,823ක් ද, නැගෙනහිර පළාතෙන් රෝගීන් 2,979ක් ද, වයඹ පළාතෙන් රෝගීන් 2,778ක් ද වාර්තා වී ඇති අතර ඌව පළාතෙන් 1,550ක්, උතුරු මැද පළාතෙන් 1,013ක් සහ උතුරු පළාතෙන් රෝගීන් 957ක් වශයෙන් වාර්තා වේ.
දිස්ත්‍රික් මට්ටමින් ගත් කල වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 12,445කි. එයට ඉතා අසන්න අගයක් ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,282ක් වාර්තා වී තිබේ. මීට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් 4,428ක්, කළුතරින් 4,092ක්, මහනුවරින් 3,802ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,588ක් ලෙස ද වාර්තා වේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,501ක් ද, කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙන් රෝගීන් 2,557ක් ද, හම්බන්තොටින් රෝගීන් 1,745ක් ද, කෑගල්ලෙන් 1,649ක්, කුරුණෑගලින් 1,629ක්, මඩකලපුවෙන් 1,220ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,149ක් වශයෙන් හඳුනාගෙන ඇත.
අනෙක් ප්‍රදේශ දෙස බැලීමේදී කල්මුණේ ප්‍රදේශයෙන් රෝගීන් 784ක්, මොනරාගලින් 776ක්, බදුල්ලෙන් 774ක් සහ යාපනයෙන් රෝගීන් 708ක් වාර්තා වන අතර කළුතර සෞඛ්‍ය විද්‍යායතන බලප්‍රදේශයෙන් රෝගීන් 678ක් ද වාර්තා වේ. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 656ක් ද, ත්‍රිකුණාමලයෙන් 563ක් ද, අනුරාධපුරයෙන් 531ක් ද, පොළොන්නරුවෙන් 482ක් ද, අම්පාරෙන් 412ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 365ක් වශයෙන් වාර්තා වී තිබේ. කෙසේ වෙතත්, දිවයිනේ අඩුම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ උතුරු පළාතේ දිස්ත්‍රික්කවලින් වන අතර ඒ අනුව වවුනියාවෙන් 94ක්, මන්නාරමෙන් 64ක්, කිලිනොච්චියෙන් 56ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයෙන් රෝගීන් 35ක් වශයෙන් අවම වර්ධනයක් සටහන් වී ඇත.

