පුත්තලම නගරයේ ප්‍රසිද්ධ නිවේදකයෙකු වන ‘සලීම් ඛාන්’ ලෙස හැඳින්වෙන ඒ.ආර්.එම්. නසීම්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා පැවැත්වුණු පළාත් මට්ටමේ ගායන තරගයකින් දෙවන ස්ථානය දිනා ගනිමින් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත.
වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර සංවිධානය කරන ලද විශේෂ අවශ්‍යතා සහිත (දෘශ්‍යාබාධිත) පුද්ගලයන් සඳහා වන මෙම ගායන තරගයේදී සලීම් ඛාන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.
උපතින්ම දෘශ්‍යාබාධිතයෙකු වන සලීම් ඛාන්, මේ වන විට පුත්තලම මහා නගර සභාවේ සමෘද්ධි අංශයේ ආබාධිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පාසලක සේවය කරමින් සිටියි. විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ කටහඬවල් සහ කතා කිරීමේ විලාසයන් ඒ අයුරින්ම අනුකරණය කිරීමේ (Mimicry) අපූර්ව දක්ෂතාවයකින්ද ඔහු හෙබිය.
මෙම පළාත් මට්ටමේ ජයග්‍රහණයත් සමඟ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමස්ත ලංකා ආබාධිත පුද්ගලයන්ගේ ගායන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමටද ඔහුට අවස්ථාව හිමිව තිබේ.
නිවේදන ක්ෂේත්‍රයෙන් මෙන්ම සංගීත ක්ෂේත්‍රයෙන්ද දක්ෂතා දක්වමින් ඉදිරියට යන සලීම් ඛාන් වෙත මේ වන විට බොහෝ දෙනා තම සුබපැතුම් එක් කරමින් සිටිති.

