වනාතවිල්ලුව ප්‍රදේශයේ දියේ ගිලීමෙන් මිය ගිය සිසුන් සිව් දෙනා වෙනුවෙන් අවසන් ගෞරවය දැක්වූ අන්තර් ආගමික නායකයින්.

0
6

වනාතවිල්ලුව ප්‍රදේශයේ ජනතාව සහ රටම කම්පාවට පත් කරමින් පසුගිය ජුනි 30වනදා දියේ ගිලීමෙන් මෙලොවින් සමුගත් චේතන, දිලේන්, සලීෂ සහ දේශාන් යන සිසුන් සිවුදෙනා වෙනුවෙන් අවසන් ගෞරවය දැක්වීමට පුත්තලම අන්තර් ආගමික කමිටුවේ ආගමික නායකයින් සහභගී වූහ.

මෙම සිසුන් සිව් දෙනා පසුගිය 30වනදා මල් කැඩීමට ගිය අවස්ථාවේ දියේ ගිලී තිබේ. මෙම අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වූ පුත්තලම අන්තර් ආගමික කමිටුවේ නියෝජිතයින් වන බුද්ධියාගම රතන ස්වාමීන්වහන්සේ, යොහාන් ජෙයරාජ් පියතුමා, අශ්ශේයික් අබ්දුල් මුජීබ් මවුලවිතුමා ඇතුළු පිරිස මිය ගිය දරුවන්ගේ දේහයන්ට අවසන් ගෞරවය දක්වා ඔවුන්ගේ ඥාතීන් සමඟ කතා බහ කර සිය බලවත් සංවේගය පල කර සිටියේය.

මෙම අවස්ථාවට එක් වූ ආගමික නායකයින් පැවසුවේ වනාතවිල්ලුව ප්‍රදේශයේ සිසුන් සිව් දෙනාගේ වියෝවට ආගම භේදයෙන් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් අපගේ බලවත් ශෝකය පුත්තලම අන්තර් ආගමික කමිටුව වෙනුවෙන් සහ පුත්තලම ජනතාව වෙනුවෙනුත් ප්‍රකාශ කරන බවයි.

මෙම ප්‍රදේශයේ සංචාරය කළ ආගමික නායකයින්ට දැක ගැනීමට ලැබුණේ එම ප්‍රදේශයේ ජනතාව විශාල දුෂ්කරතා මධ්‍යයේ ඔවුන්ගේ දිවි ගෙවන බවයි. මේ නිසා ජීවත් වීමට දුෂ්කර ප්‍රදේශයක් බවට දකින මෙම වනාතවිල්ලුව ප්‍රදේශයේ ජනතාවට ඔවුන්ගේ ආර්ථික සහ යටිතල පහසුකම් නංවාලීම සඳහා බලධාරීන් සහ පරිත්‍යාගශීලින් තමන්ගේ සහයෝගය ලබා දිය යුතු බව අන්තර් ආගමික නායකයෝ මෙහිදී ඉල්ලීමක් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here