අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මද වැසි ඇති විය හැක. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට තද සුළං ඇතිවීමේ හැකියාවක් ද පවතී. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ඊට අමතරව හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇති විය හැක.

