එල්-නිනෝ අවදානමට මුහුණ දීමට සති දෙකකින් ඒකාබද්ධ සැලසුමක්

0
8

ගෝලීය එල්-නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට නියං හෝ අධික වැසි ඇති වීමේ අවදානමක් පවතින බැවින්, ඊට මුහුණ දීම සඳහා සති දෙකක් ඇතුළත ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. පවතින දත්ත අනුව මෙරටට එල්-නිනෝ තත්ත්වය ප්‍රබල වීමේ 63%ක සම්භාවිතාවක් සහ දුර්වල වීමේ 33%ක සම්භාවිතාවක් ඇතැයි අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව, පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී ප්‍රථම වරට රැස් විය. මෙහිදී පානීය ජල සැපයුම, වාරිමාර්ග කළමනාකරණය සහ බලශක්ති සුරක්ෂිතතාව යන ක්ෂේත්‍ර 3 කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරිණි.

එසේම එල්-නිනෝ තත්ත්වය පිළිබඳව සමාජය තුළ වැරදි මත පැතිර යාම වැළැක්වීම සඳහා, මින් ඉදිරියට ඒ පිළිබඳ නිල ප්‍රකාශ සහ පුරෝකථන නිකුත් කිරීමේ තනි බලය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් පැවරීමටද මෙහිදී තීරණය විය. මෙම අනුකමිටුව සඳහා අමාත්‍යවරුන් වන කේ. ඩී. ලාල්කාන්ත, සමන්ත විද්‍යාරත්න, අනුර කරුණාතිලක, වසන්ත සමරසිංහ සහ සුසිල් රණසිංහ යන මහත්වරුන් ඇතුළත් වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here