Muaythai International School Level Championship 2026 සඳහා මෙරට ක්‍රීඩකයින් 34 දෙනෙකු දිවයිනෙන් පිටත් වෙයි.

0
62

මැලේසියාවේ අද (16) සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිත 2026 මුආයිතායි ජාත්‍යන්තර පාසල් මට්ටමේ ශූරතාවලියට (Muaythai International School Level Championship 2026) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 34 දෙනෙකු ඊයේ (15) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

මොවුන් අතරට කහටෝවිට යූ.එම්.සී. (Kahatowita UMC සංගමයේ) හි සිසුන් තිදෙනෙකු ද ඇතුළත් විය.