ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණයක්නි ගැනීමට බස් සංගම් අද (02) රැස්වීමට නියමිතය.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් අනතුරුව බස් ධාවනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.
මෙම සාකච්ඡාව සඳහා සියලු බස් සංගම් නියෝජිතයින් අද පෙරවරුවේ රැස්වීමට නියමිත බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

