අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබම් මාලාවකින් 6 දෙනෙකු මරුට.

0
22

අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයට මායිම්ව, මිසිසිපි ගඟ අසල පිහිටි අයෝවා ප්‍රාන්තයේ Muscatine වරාය නගරයේ ස්ථාන කිහිපයක වෙඩි තැබීම් මාලාවක් සිදුව තිබේ.

එහිදී පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලීසිය පවසයි.

ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු ද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන  ඇති බව සඳහන් වේ.

මෙම ප්‍රචණ්ඩකාරී වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී මෙය පවුල් ආරවුලක් මත හටගත් එකක් බවට අනාවරණය වී ඇති බව බව එරට පොලීසිය වැඩිදුරටත් පවසා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here