විදුලි ගාස්තුව 18%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ රුපියල් බිලියන 38ක පමණ හිඟයක් මෙම කාර්’තුවේ සහ ඉදිරි කාර්’තුවට බලපෑමත් සමග ප්‍රධාන කාරණා 3ක් මුල්කර ගනිමිනි.
කෙසේවෙතත් රු. බිලියන 15ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟවීමත් සමග 5%කට පමණ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට පමණක් මෙම වැඩිවෙන විදුලි ගාස්තුව බලපැවැත්වෙන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
ඒ අනුව 95%ටම මෙම විදුලි ගාස්තු වැඩිවීම අදාළ නොවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

