වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටි තවත් විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

0
37

කොල්ලුපිටිය පොලිස් වසමේ උත්තරානන්ද මාවත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකදී කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) සිදුකළ වැටලීමක් සිදුකර වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටිමින් නීති විරෝධී අන්දමින් මූල්‍ය වංචාවන් සිදු කිරීමට සැකපිට විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහි විදෙස් ජාතික සැකකරුවන් 41 දෙනෙකු හා සැකක කාරියන් 33 දෙනෙකු වන බව පොලිසිය කියයි.

සැකකරුවන් හා සැකාරියන් අවුරුදු 19 ත් 39 ත් අතර වයස්වල පසුවන වියට්නාම් ජාතිකයින් වේ.

ඔවුන් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටිමින් මූල්‍ය වංචාවන් සිදුකළ තවත් විදෙස් ජාතික සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.

එම පිරිසද ඊයේ (06) දින සවස ගන්දර පොලිස් වසමේ තළල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටිමින් නීති විරෝධී ලෙස මූල්‍ය වංචාවන් සිදුකිරීම, සංචාරක වීසා මගින් ව්‍යාපාර සිදුකිරීම හා තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි ලඟ තබාගැනීම සම්බන්ධයෙන් විදෙස් ජාතික සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ගන්දර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

ඔවුන් අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන තායිවාන් හා චීන ජාතිකයින් වේ.

ගන්දර පොලිසිය ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.