නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කෙරේ.

0
5

ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගැනේ.

ඔවුන් මීගමුව ප්‍රදේශයේ නිවසක සැගවී සිටියදී පසුගිය 21 වන දින ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි ඇත.

ඔවුන් ඊයේ (04) රාත්‍රීයේ මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

මොවුන් පිළිබද ආගමන විගමන පාළක ජනරාල්වරයා වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණි .

මෙම චීන ජාතිකයන් අතර 06 දෙනෙකු චීන ජාතික කාන්තාවන් වන අතර ඉතිරි 31 දෙනා චීන ජාතික පිරිමි පුද්ගලයෝ වෙති .

මොවුන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත දැනුවත් කිරීම් සිදු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම චීන ජාතිකයන් පිරිස චීනයට අත්‍යාවශ්‍යව සිටි පුද්ගලයන් පිරිසක් (Wanted Person ) බව එරට රජය විසින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔවුන් මෙරටින් රැගෙන යාම සදහා එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් 11 දෙනෙකු සහ වෛද්‍යවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ,ඊයේ (04) චයිනා ඊස්ටන් ගුවන් යානයෙන් , කටුනායක ගුවන් තොටුපොළ වෙත එවීමට චීන රජය පියවර ගෙන තිබුණි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here