2026 හජ් වන්දනාව – කොවිඩ් සමයේ සේවය කළ තරුණයෙකුට හජ් යෑමට අවස්ථාවක්

0
42

​කොවිඩ්-19 වසංගත සමයේදී තම ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් සේවය කළ තරුණයෙකු ඇගයීම සඳහා නොමිලේ හජ් වන්දනාවට සහභාගී වීමේ අවස්ථාවක් පිරිනමා ඇත.
​ඕට්ටමාවඩි ප්‍රදේශයේ කොරෝනා මෘතදේහ භූමදාන කටයුතු සඳහා කැපවීමෙන් දායක වූ තරුණ කණ්ඩායමක් විසින්, තමන් අතරින්ම මෙම අවස්ථාව සඳහා මව්ලවි සමීම් නැමැති තරුණයාගේ නම යෝජනා කර තිබුණි.

​ඒ අනුව, ඔහුට අදාළ ගුවන් ටිකට්පත් සහ නිල ලේඛන භාරදීම මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා අතින් ඊයේ(04) දින ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය කාර්‍යාලයේදී සිදු විය.