ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට යළි අනතුරු අඟවයි.

0
2

හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කර දමන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

ඔහු මෙලෙස පවසා ඇත්තේ විදෙස් මාධ්‍ය නාලිකාවක් සමඟ පැවැති දුරකතන සම්මුඛ සාකච්ඡාවකදීය.

මෙහිදී ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරාන සාකච්ඡාකරුවන් පෙරට වඩා නම්‍යශීලී වී ඇති බවය.

මීට පෙරද ට්‍රම්ප් මෙවැනිම තර්ජන එල්ල කර තිබූ අතර පසුගිය මාසයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු කියා සිටියේ සම්පූර්ණ ශිෂ්ටාචාරයක් විනාශ වනු ඇති බවය.

ටෙහෙරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු හමුදාව විසින් ඉරාන බෝට්ටු හතක් වෙඩි තබා බිම හෙළූ බව ජනාධිපතිවරයා සිය ටෘත් සෝෂල් වෙබ් අඩවියේ සටහන් කර තිබුණි.

එසේම තමා ඉදිරියේ විකල්ප දෙකක් ඇති බව ට්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

එනම් යහපත් විශ්වාසය මත පදනම් වූ ගිවිසුමකට එළඹීම හෝ යළිත් හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමයි.

කෙසේවෙතත් හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙපාර්ශ්වයම අතර ඇති වූ වෙඩි හුවමාරුවත් සමග මේ වන විට සටන් විරාමය දැඩි පරීක්ෂාවකට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here