17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් සුපිරි නළු විජේගේ TVK පක්ෂය දැවැන්ත ජයක් ලබයි. ඒ ආසන 108ක් දිනා ගනිමිනි.
දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ DMK සහ AIADMK පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇත.
මෙම මැතිවරණයේ දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත් ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවය.
කෙසේවෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු අතර ටී.වී.කේ පක්ෂයට ඒ අනුව බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහාය ලබාගත යුතු වේ.
විජේ මහ ඇමති ධුරයට පත්වුවහොත් එන්.ටී. රාමාරාඕගෙන් පසුව මෙවැනි ජයක් අත්කරගත් දෙවන නළුවා ඔහු වනු ඇති බවද විදෙස් මාධ්‍ය දක්වා ඇත.


