‘සාගරිකා’ දුම්රිය යළි පීලිගත කරයි.

0
1

ඊයේ (24) දිනයේ පීලි පැනීමකට ලක් වූ ‘සාගරිකා’ දුම්රිය මේ වනවිට සාර්ථකව යළි පීලිගත කර ඇති බව දුම්රිය බලධාරීන් පවසයි.

ඒ අනුව එම දුම්රිය මේ වනවිට වාද්දුව දුම්රිය ස්ථානය වෙත යොමු කර ඇත.

ඊයේ (24) උදෑසන වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ මෙම අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

අනතුරින් පසුව, ඊයේ රාත්‍රියේදීම එක් දුම්රිය මාර්ගයක් ගමනාගමනය සඳහා විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

අද උදෑසන වන විට පීලි පැනීමෙන් සිදුවූ හානි බොහෝ දුරට යථා තත්ත්වයට පත් කර ඇති අතර, ඉතිරි අලුත්වැඩියා කටයුතුද ඉතා ඉක්මනින් නිම කිරීමට නියමිත බව බලධාරීන් පවසයි.

මේ අතර, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වනවිට බොහෝ සෙයින් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here