සාගරිකා පීලිගත කරන්න දින දෙකක් යන ලකුණු

0
2

පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය බලධාරීන් පවසයි.

මේ අනුව ඉදිරි දින දෙකක් ඇතුළත් එහි ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මගීන්ට අපහසුතාවයක් නොවන අන්දමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවය.”අලාභ හානි වෙච්ච දුම්රිය අපිට ලොකු පාඩුවක්..මොකද දුම්රිය බල ඇණිය අපේ අඩුයි.. ඒ අලාභය අපිට තියනවා.. ඒකත් ඉක්මනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා… නමුත් ඒ වෙනුවෙන් අපිට දුම්රියක් යොදන්න වෙනවා.. ඒ සඳහා සාකච්ඡාවන් මේ වන විට සිදුවෙමින් පවතිනවා.”

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබුණේ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදීය.

මේ අතර දුම්රිය මාර්ගය අවහිරවීම හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ජාතික ගමනාගමන කොමිසම සමඟ එක්ව බස් රථ මඟින් දුම්රියේ ගමන් කරන මගීන් ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ එක්ව පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here