එක්සත් ජනපද හමුදාව ඉරාන වරායන් අවහිර කිරීම ආරම්භ කර ඇති අතර ඉරානයට මුහුදු මාර්ගයෙන් ඇතුළු වන සහ පිටවන වෙළඳ නෞකා සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එක්සත් ජනපද හමුදාව විසින් ඉරානයට මුහුදු මාර්ගයෙන් ඇතුළු වන සහ පිටවන වෙළඳ නැව් සම්පූර්ණයෙන්ම නවතා දමා තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට සිටි ඉරාන තෙල් නෞකා දෙකක් අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් ආපසු හරවා යවයි.
එම නෞකා ඉරානයේ චබහාර් සිට පිටත්වී ඇති අතර, රේඩියෝ සම්බන්ධතාව මඟින් ආපසු ගමන් ඇරඹීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.
මෙම නෞකා දෙක සමඟ ඉරානයෙන් පිටත්වූ නෞකා 06ක් පමණ අමෙරිකාව විසින් මේ වනවිට හරවා යවා ඇති බව වාර්තා වෙයි.
මෙම පුවත සැලවීමත් සමඟ නැවතත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පනවා ඇති නාවික අවහිර කිරීම ක්‍රියාත්මක වී අදට දින දෙකක් ගතවී ඇත.
මෙම අවහිර කිරීමේ අරමුණ වන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ලෝක තෙල් ප්‍රවාහය (සමස්තයෙන් 20%ක් පමණ) පාලනය කරමින් ඉරානයට පීඩනයක් එල්ල කිරීමය.
අමෙරිකානු හමුදා පවසන්නේ, මෙම මෙහෙයුම සඳහා සෙබළුන් 10,000කට වැඩි පිරිසක්, යුද නැව් 12කට අධික ප්‍රමාණයක් සහ ගුවන් යානා රැසක් යොදාගෙන ඇති බවය.
එසේම, ඉරානයට සම්බන්ධ නොවන නෞකා සඳහා හෝමූස් හරහා ගමනාගමනයට අවසර හිමිව තිබේ.

