දාරුල් කුර්ආන් ලිබරා ඉමිල් ඊමාන් කුර්ආන් මද්‍රසාවේ 25 වන සංවත්සර උළෙල සාර්ථකව අවසන්

0
19

දාරුල් කුර්ආන් ලිබරා ඉමිල් ඊමාන් කුර්ආන් මද්රසාවේ 25 වන සංවත්සර උළෙල දාරුල් කුර්ආන් ලිබරා ඉමිල් ඊමාන් මද්රසාවේ කළමනාකාරීත්වය, පාලක සභාව, ගුරු මණ්ඩලය, සිසුන් සහ දෙමාපියන් එක්ව එම මද්රසාවේ වසර 25ක උදාර ඉතිහාසය සහ විශිෂ්ට සේවාව අභිමානයෙන් යුතුව සමරමින්, එහි 25 වන සංවත්සරය 2026 අප්‍රේල් 12 වන ඉරිදා දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන දේශකයා ලෙස අෂ්-ෂෙයික් උස්තාද් A.C. අගාර් මුහම්මද් (අධ්‍යක්ෂ – ජාමියා නලීමියා අධ්‍යාපන ආයතනය) සහභාගී වූ අතර, ගෞරවනීය අමුත්තන් ලෙස, අෂ්-ෂෙයික් අර්කම් නූරාමිත් (මහා ලේකම් – සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව), අෂ්-ෂෙයික් ආචාර්ය මක්දූම් (මදනී), අෂ්-ෂෙයික් අල් කාරී අල් මුජායිස් ෆවාස් බින් ෆලාල් (අධ්‍යක්ෂ – මර්කස් අල් ඉක්රා කුර්ආන් අධ්‍යයන ආයතනය) යන මහත්වරුන් සහභාගී වූහ.

මීට අමතරව ආගමික විද්වතුන් (උලමාවරුන්), බුද්ධිමතුන්, කුර්ආන් පාරායනය කරන්නන්, මස්ජිද් පාලක සභා සභාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

මද්රසා සිසුන්ගේ කලා ඉදිරිපත් කිරීම්, මද්රසා විෂය මාලාව හඳුන්වා දීම, මද්රසාව වෙනුවෙන්ම නිර්මාණය කරන ලද නව වෙබ් අඩවිය විවෘත කිරීම, තෑගි ප්‍රදානය සහ සම්මාන පිරිනැමීම වැනි සුවිශේෂී වැඩසටහන් රැසකින් මෙම උත්සවය වර්ණවත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here