වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක ජනපති අවුරුදු සමරයි.

0
12

දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්, රජයේ වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ එක්විය.

ඒ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීමට සමගාමීවයි.

පූර්ණ හානියට පත් නිවාසවලට ලබා දුන් වන්දි යටතේ මාස පහක කාලයක් තුළ මෙම නිවස ඉදි කර තිබේ.

එය පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදි වන නව නිවාස හයෙන් එකකි.

එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අර්ධ හානි වූ නිවාස හැට හයකටද මේ වන විට වන්දි ගෙවා අවසන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව නව නිවසේ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වූ ජනාධිපතිවරයා එම සියලු ජනතාවට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් එක් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා වෙතද අලුත් අවුරුදු සුබපැතුම් එක් කිරීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here