“ඉස්ලාමාබාද් ගිවිසුම” ලෙස නම් කරන ලද යෝජිත අදියර දෙකක සාම සැලැස්මක් ඉරානය සහ එක්සත් ජනපදයට ලැබී ඇති බව වාර්තා වේ.
එම සටන්විරාමය අද (06) දිනයේ සිට ආරම්භවීමේ අවස්ථාවක් ද ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණි.
ඉස්ලාමාබාද් සම්මුතිය නම මෙම යෝජනාවලිය පාකිස්තානයේ මැදිහත්වීමෙන් සකස් කර දෙරටට ඉදිරිපත් කළ ඇති බවත් වාර්තා වේ.
මේ යටතේ කඩිනම් සටන්විරාමයක් ඇතිකරගෙන, සටන් අත්හිටුවා හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරගැනීම දෙපාර්ශ්වයේ සැලසුම වනු ඇති බව රොයිටර්ස් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
ඉරානය සහ අමෙරිකාව දින 45ක සටන්විරාමයකට එළැඹීමට සූදානමින් ඇතැයි පළමුව වාර්තා කළේ, අමෙරිකාවේ ඇක්සියෝස් පුවත් අඩවියයි.

