ගෑස් මිල විශාල ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයදැනුම් දෙයි.
එම සංගමය පැවසුවේ පොල්තෙල් මිල අඩුවීම හේතුවෙන් කෙටි කෑම මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බවයි.

