පැලැන්වත්ත සහ අවට ප්‍රදේශ වලට පැය 12ක ජාල කප්පාදුවක්.

0
7

NEWSNOW | – පවතින වියළි කාලගුණය නිසා අද (06) ප.ව. 8.00 සිට හෙට (07) පෙ.ව 08.00 දක්වා පැලැන්වත්ත හා ඒ අවට ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමාකර ඇති බවද ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි.

එම ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු ලබන ප්‍රදේශයන් සඳහා ජල සැපයුම මෙලෙස සීමා කරනු ලබන අතර, හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වන විට ක්‍රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අද උදෑසන 08.00ට අවසන් වන බවය.

එ් අනුව හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ සඳහා උදෑසන 08.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here