රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද (04) පෙරවරු 8 සිට යළිත් වරක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම වැඩ වර්ජනය අවසන් කරන කාලසීමාව පිලිබඳව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සතිය තුළ අවස්ථා දෙකකදී වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණි.

