Artemis II හි ගගනගාමීන් ගත් පෘථිවියේ පළමු ඡායාරූපය

0
1

Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය නිල වශයෙන් නිකුත් කර තිබේ.

නාසා ආයතනය සිය X ගිණුම ඔස්සේ “That’s US” යන ශීර්ෂ පාඨය සමඟ එම ඡායාරූපය පළ කර ඇත.

වසර 53කට පසු ඔරායන් අභ්‍යාවකාශ යානය සිය මෙහෙයුමේ පළමු දින පෘථිවි කක්ෂයේ රැඳී සිටියේ ජීවිත ආධාරක පද්ධති, වායු පද්ධති ඇතුළු යානයේ ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමටය.

නාසා ආයතනය නිවේදනය කළේ ගගනගාමීන් සිව්දෙනාම නිරෝගීව සිටින අතර යානය ද හොඳින් ක්‍රියා කරන බවය.

යානයේ ගමන් කරන ගගනගාමීන් සිය පළමු දින අවසානයේ අත්දැකීම් හුවමාරු කරගැනීමට වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධ විය.

ඒ අනුව තවත් දින 4කට නොඅඩු කාලයකින් යානය චන්ද්‍රයා ආසන්නයට ගමන් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here