‘ARTEMIS – II ඔරියන් අභ්‍යවකාශ යානය තවත් දින 4කින් සඳට ලඟා වෙයි.

0
7

‘ARTEMIS – II’ මෙහෙයුම යටතේ ඔරියන් අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂය වටා ගමන් කර සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර තිබේ.

ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරියන් අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව මේ වනවිට සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර ඇති බව නාසා ආයතනය අද (3) පෙරවරුවේ නිවේදනය කළේය.

මේ අනුව ඔරියන් යානයට දින 4කින් සඳට ළඟා වීමට අවස්ථාව උදාවන බව එම නිවේදනයේ දැක්වේ.

අමෙරිකානු වේලාවෙන් බදාදා ආරම්භ වූ මෙම මෙහෙයුමට අනුව පෙර සැලසුම් කර තිබූ ලෙසම ගමන්මග සම්පූර්ණ කළ හැකිවුව හොත් ඔරියන් යානයට අප්‍රේල් 6 වනදා (අමෙරිකානු වේලාවෙන්) මිනිස් ඇසට කිසිදා නොපෙනෙන සඳෙහි අනෙක් පස වටා ගමන් කිරීමට අවස්ථාව උදාවේ.

වසර 50කට (1972න් පසු) වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මිනිස් මෙහෙයුම මෙය වේ.

මෙම මෙහෙයුමේ මූලික අරමුණ ඉදිරි වසරවලදී සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමේ අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here