ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයකින් බලපෑම්

0
10

ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයෙන් කාන්තාවක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් නැගෙනහිර ඉන්දුනීසියාවේ මෙම භූ කම්පනය ඇති විය.

උතුරු සුලවේසි දූපතේ සිදුවූ ගොඩනැගිලි කඩා වැටීමක සුන්බුන්වලට යටවීමෙන් 70 හැවිරිදි මෙම කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව මුදාගැනීමේ කණ්ඩායම් තහවුරු කර තිබේ.

මෙම භූකම්පනය හේතුවෙන් එහි කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) විසින් සිදුකර තිබුණි.

එසේ වුවද හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවය.

මුදාගැනීමේ කණ්ඩායම් විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ගොඩනැගිල්ලේ සුන්බුන් මත සිටින ජනතාව මහත් කම්පනයෙන් සිටින අයුරු සහ එහි තිබූ ගෘහ භාණ්ඩ විසිරී ගොස් ඇති ආකාරය.

සහන සේවා කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් සිටියි.

කෙසේ වෙතත් භූමිකම්පාව සිදුවී පැය දෙකකට පමණ පසු හවායි දූපත්හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here