රජයේ වෛද්‍ය නිලධාරීන් අද යළිත් වර්ජනයේ

0
7

පැය 24ක සංකේත වැඩවර්ජනයක් අද (02) උදෑසන ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය පවසයි.

ඒ අනුව අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

අනීතික ස්ථාන මාරුවීම්වලට විරෝධය පලකරමින් දිවයිනේ සියලු රජයේ රෝහල්වල මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන්ම විරෝධය පල කරමින් පසුගිය අඟහරුවාදා දිනයේ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 24ක සංකේත වැඩවර්ජනයක නිරත වුණි.

කෙසේවෙතත් සිය ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ ද සංකේත වැඩවර්ජනයේ නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

මෙම වැඩවර්ජන කාලසීමාව තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here