ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අද (21) දින සමරනු ලබයි.
පසුගිය 19 වනදා කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ නව සඳ දිස් නොවීම හේතුවෙන් දින 30ක ශුද්ධ වූ රාමසාන් උපවාස කාලය නිමකර රාමසාන් උත්සවය සැමරීම මෙලෙස අද සිදු කරන බවය.
ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන අල් කුරානයේ නියම කර ඇති පරිදි උපවාස ශීලය අවසන් කෙරෙන දිනය රාමසාන් දිනය ලෙසින් සැලකෙයි.
රාමසාන් උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කෙරෙන්නේ ඉස්ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයා දර්ශනය වීම අනුවය.
මසක් පුරා උපවාසය රැකීමෙන් දිළිඳු ජනතාවගේ කුසගින්න අවබෝධ කරගැනීමත්, අසරණ දිළිඳු හා රෝගී ජනයාට ආහාරපාන හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කිරීමත් මෙහිදී සිදුවෙයි.

