රමලාන් ඊදුල් ෆිත්ර් උත්සවයට සර්ව ආගමික නායකයින්ගෙන් සුබ පැතුම්!

0
6

පවිත්‍ර රමලාන් අවුරුදු උත්සවය (ඊදුල් ෆිත්ර්) නිමිත්තෙන්, ශ්‍රී ලංකා ජාතික අන්තර් ආගමික පූජක එකමුතුවේ සර්ව ආගමික නායකයින් වන, පූජ්‍ය ආචාර්ය ශාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නායක හිමි, සිව ශ්‍රි ආචාර්ය බාබුශර්මා කුරුක්කල්තුමා, අල්-හාජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන් මව්ලනා අල්-කාදිරි පූජකතුමා සහ ආචාර්ය නිශාන් සම්පත් කුරේ පියතුමා රමසාන් අවුරුදු උත්සවය සමරන සියලු දෙනාට හෘදයාංගම සුභ පැතුම් එක්කර සිටිති.

මෙම පවිත්‍ර දිනේදී මනුෂ්‍යත්වය, කරුණාව සහ සාමය තහවුරු විය යුතුය. උපවාසය තුළින් අපි ඉගෙන ගන්නා සංයමය සහ පරිත්‍යාගය සමාජයේ යහපත සඳහා භාවිතා කළ යුතුය.

ඊදුල් ෆිත්ර් රමලාන් අවුරුදු උත්සවය සියලු ආගම් එකට බැඳෙන ආදරයේ උත්සවයක් බවට පත්වේවා. එකමුතුව සහ සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් වේවා.

උපවාසය අපට ඉවසීම, ආත්ම පාලනය සහ දුප්පතුන්ගේ දුක අවබෝධ කර ගැනීම ඉගන්වයි. මෙම උත්සවයේදී සියලු දෙනාම සාමයෙන් ජීවත් විය යුතුය.

ආදරය හා බෙදාගැනීමෙන් පිරුණු මෙම දිනේදී සියලු සමාජ එකට එක්ව සාමකාමී අනාගතයක් ගොඩනගා ගත යුතුය. ආගම් පසුකර යන එකමුතුව, සාමය සහ මනුෂ්‍යත්වය ප්‍රමුඛ කරමින්, සියලු දෙනාට සුභ රමලාන් අවුරුදු උත්සවයක් ප්‍රාර්ථනා කරමු.

ඊදුල් ෆිත්ර් මුබාරක් !
ශ්‍රී ලංකා ජාතික අන්තර් ආගමික පූජක එකමුතුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here