ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් යළිත් තාවකාලිකව අත්හිටුවයි.

0
12

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි.

ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග ගින්නක් හට ගැනුණු අතර ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජිවීත හානියක් වාර්තා වී නොමැති බවත් ගින්න මැඩපැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ය.

එමෙන්ම තම ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙස ද සංචාරකයින්ට උපදෙස් ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here