රාමසාන් සමය මුල්කර ගනිමින් වසරක් පාසා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී ඉසිපතනාරාමයේ විහාරස්ථානයේ ධර්ම ශාලාවේ පවත්වන මුස්ලිම් සහෝදරයන්ගේ ඉෆ්තාර් උත්සවය මෙවරද ඉතා සාර්ථක අයුරින් (14) ඊයේ පැවැත්වුණි.
ඒ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ කොළොන්නාව නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
එසේම සියලුම ආගම් නියෝජනය කරන ආගමික නායකයින් සහ විශාල ගිහි පිරිසක් සහභාගී වූහ.
අමරපුර නිකායේ මහා නායක ආචාර්ය මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ ධර්ම ශක්ති සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම ඉෆ්තාර් වැඩසටහනේ විශේෂත්වය වන්නේ ඉස්ලාම් ආගමික උත්සවයක් බෞද්ධ විහාරස්ථානයක පැවැත්වීමයි.
සාමාන්‍යයෙන් ඉස්ලාම් ආගමික චාරිත්‍රයක් වන උපවාසය අත්හැරීමේ චාරිත්‍රය ඔවුන්ගේ පල්ලි වලට ගොස් අන් ආගමික නායකයන් සහභාගීවීම දැකගත හැක. නමුත් ග්‍රෑන්ඩ්පාස් යනු ඉස්ලාම් භක්තිකයන් වැඩි වශයෙන් ජීවත්හ වන ප්රදේශයකි. මේ නිසා වසර හතක් තිස්සේ ධර්ම ශක්ති සංවිධානය අපේ සහෝදර ආගමක වැදගත් උත්සවයක් මෙලෙස සමරනු ලබයි.




