තෙල් මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් නැහැ – ජාතික ගමනා ගමන කොමිසම කියයි.

0
4

NEWSNOW | – ඩිසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ ගිය ද ඉන් බස් ගාස්තු සංශෝධනය සඳහා බලපෑමක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේය.

මේ හේතුවෙන් පවතින ගාස්තු ඒ අයුරින් පවත්වාගෙන බව ද ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 22කින් ද ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here