අද මැදියම් රැයේ සිට තෙල් මිල ගණන් වෙනස් වෙන්නෙ මෙහෙමයි.

0
1

ලෝක වෙළඳපොලේ තෙල් මිල වෙනස් වීම නිසා අද(09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේ ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303ක් වන බවයි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 353ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 365කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක් ලෙස දැක්වෙයි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 13කි ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 195ක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here